රාජකාරී වේලාව තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
අදාළ චක්‍රලේඛය මඟින් දක්වා ඇත්තේ, එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් විසින් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හි දී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බවයි.
ඒ, අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස අනතුරේ වැටෙන බව අදාළ චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.
මෙම චක්‍රලේඛයේ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අදාළ චක්‍රලේඛය මඟින් දන්වා ඇත්තේ.
දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය පහතින්.















