සුරේෂ් සලේගේ මවගෙන් ජනපති අනුරට ලිපියක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙටහ ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මඟින් සුරේෂ් සලේගේ මව ඉල්ලා ඇත්තේ, සුරේෂ් සලේට පනවා ඇති රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙසයි.

එම ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ, තම පුතු වසර 37ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය සහ පවුල සමඟ ගත කළ හැකි වටිනා වසර කැප කළ බවයි.

වයෝවෘද්ධ මවක් ලෙස තම පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිටීම දැකීම දැඩි වේදනාවක් බවත්, කිසිදු පරීක්ෂණයක් නතර කරන ලෙස තමන් ඉල්ලා නොසිටින බවත්, චෝදනා තිබේ නම් ඒවා පරීක්ෂා කර සාක්ෂි ඇත්නම් ඒවා විමර්ශනය කර සත්‍යය සොයාගන්නා ලෙසත් එම ලිපිය මඟින් ඇය ඉල්ලා සිටිනවා.

එහෙත් පරීක්ෂණ සිදුවන අතරතුර තම පුතුගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස මවක් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවද ඇය එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

විමර්ශන සාක්ෂි මත සිදුවිය යුතු අතර, රැඳවුම සාක්ෂිවලට ආදේශයක් නොවිය යුතු බවයි ඇය ජනධිපතිවරයා වෙත යොමුකළ ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මව ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09