වඳින්න ගිය දේවාලේ තිබූ ගසක අත්තක් හිසට කඩන් වැටිලා – කාන්තාවක් මරුට

කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ පිහිටි පෞරාණික අම්පිටිය දේවාලයට දේව ආශීර්වාදය පතා පැමිණි කාන්තාවක් මතට දේවාල භූමිය අසල තිබූ මී ගසක අත්තක් කඩා වැටී අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 65ක කාන්තාවක්.
මෙම කාන්තාව ඊයේ දේවාල භූමියට වන්දනා කටයුතු සඳහා පැමිණි අවස්ථාවේ දී මෙලෙස මී ගසක අත්තක් ඇය මතට කඩා වැටී තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

කරන්දෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06