මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය මහේන්ද්‍ර පෙරේරාට

නවවන මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික ප්‍රවීන නළු මහේන්ද්‍ර පෙරේරා සමත් වුණා.

ක්වාලාලම්පූර් හි මෙගාස්ටාර් අරීනා හිදී ඊයේ (25) පැවති සම්මාන උළෙලේ දී ප්‍රවීන නළු මහේන්ද්‍ර පෙරේරා මෙම සම්මානය දිනාගත්තේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය වෙනුවෙන් ඉදිරිපත් කළ අති විශිෂ්ට රංගනය වෙනුවෙන්.

මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවාට හිමි සම්මාන වෙනුවෙන් ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ රංග පෑ ජනප්‍රිය නළු රන්දික ගුණතිලක ද නිර්දේශ වී සිටීම විශේෂත්වයක්.

මේ අතර මෙම සම්මාන උළෙලේ වසරේ හොඳම නිළියට හිමි සම්මානය ජයග්‍රාහිකාවන් දෙදෙනෙක් අතර බෙදී යාම ද විශේෂත්වයක්.

Silent Rebellion චිත්‍රපටය වෙනුවෙන් ෂරීෆා අමානි සහ Ah Girl චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Ong Xuan Jing මෙලෙස හොඳම නිළියට හිමි සම්මානය ජයග්‍රහණය කළා.

මේ අතර හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඊජිප්තු චිත්‍රපටයක් වන Aisha Can’t Fly Away සඳහා මොරාඩ් මොස්තාෆා විසින් දිනා ගත්තා.

2026 මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණේ, Lucky Lu චිත්‍රපටයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14