ළමා ආරක්ෂණ තත්ත්වය සම්බන්ධයෙන් කාලයක් පුරාවට නිර්මාණය වූ බරපතල අර්බුධයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
2024 වසරේ විගණකාධිපති වාර්ෂික වාර්ථාවට අනුව 2014 සිට වසර 10ක් පුරා ලැබුණු පැමිණිලි සම්බන්ධව අධිකාරිය පතට අනුව ජාතික ප්‍රතිපත්ති සැකසීම, නීති ක්‍රියාත්මක කිරීම, නඩු නියාමන ක්‍රියාවලිය, ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ආදී කාර්යන් සිදුව නැති බවත් ළමා අපචාර සම්බන්ධ සියලු නඩු කටයුතුවල විමර්ශන හා ප්‍රගතිය නියාමනය කිරීමට දත්ත පද්ධතියක් සකස් කිරීම වැදගත් වුවත් මේ දත්ත පද්ධති සකස් කිරීම නිසිආකාරව ක්‍රියාත්මක නොවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නා.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තු දී අදහස් දක්වමින්.
එසේම පරිවාස බාරයේ හෝ ළමා සුරැකුම් ආයතනවල රඳවා ඇති දරුවන් දූෂණයට, ලිංගික අපචාරවලට හා ශාරීරික හානිවලට මෙන්ම විවිධ හිංසනයන්ට අඩත්තේට්ටම්වලට ලක්වන බව වාර්තා වන නමුත් මේවා වළක්වා ගන්න නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් නව තාක්ෂණය උපයෝගී කර ගෙන පරිවාස හා ළමා සුරැකුම් ආයතනවල ආරක්ෂක ස්ථාන සඳහා CCTV කැමරා ක්‍රමවේද, ආරක්ෂිත ඩිජිටල් පැමිණිලි පද්ධති ආදී නවීන ක්‍රමෝපාය උපයෝගී කර ගෙන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවත් අවදානම් පරිසර ගැන විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර ඒවාට පිළියම් යෙදීම පවා දුර්වල වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
ළමා ආරක්ෂක අධිකාරිය කේන්ද්‍ර කර ගත් ළමා අයිතිය උල්ලංඝනය වන දිර්ඝ කාලීන අකාර්යක්ෂම වැඩපිළිවෙළවල් නිසා නව වැඩපිළිවෙළක් ලෙස ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුවක් ඇති කර දරුවන්ගේ ළමුන්ගේ දැරියන්ගේ අයිතිය ආරක්ෂා කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම අත්‍යාවශ්‍ය බවත් ළමුන් හා කාන්තාවන් යන කොට්ඨාස 2ම මෙහි දී ඒකාබද්ධ කරන ලෙසත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.













