චීන ජාතිකයෙක් සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙක් වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) අවසර ලබා දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොල්ලුපිටිය පොලීසිය සඳහන් කර සිටියේ සිද්ධියට අදාලව විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් වැඩිදුර විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පවරා ඇති බවයි.
කොල්ලුපිටිය පොලිසිය විසින් සැකකරු අධිකරණයට අද (22) ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙලෙස නියෝග කරනු ලැබුවා.













