වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පනත් කෙටුම්පතට අනුව එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා සිට වයස අවුරුදු 15ට අඩු ළමයින්ට නව සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කිරීම තහනම් වනවා.
එමෙන්ම 2027 ජනවාරි මාසයේ සිට දැනට පවතින වයස අවුරුදු 15ට අඩු ළමයින්ගේ ගිණුම් සඳහා ද මෙම තහනම සෘජුවම බලපානවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













