ගල්කිස්ස, ටෙම්පල් පාර, ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඉලක්ක කරගනිමින් ඊයේ (21) රාත්‍රියේ වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බව වාර්තා වනවා.
ඊයේ (21) රාත්‍රී 10.30ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බවයි පැවසෙන්නේ.
මෙම වෙඩි තැබීමේ උත්සාහයේ ඉලක්කය වූ පුද්ගලයා නිවසේ උඩුමහලේ රැඳී සිටින අතරතුර ඒ අසලට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දී එම ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බැවින් වෙඩි තැබීමක් සිදුව නැහැ.
මේ සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියකට සමාන අවියකින් යොදාගෙන ඇති බවද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1
1













