ත්‍රීරෝද රථයක් මෝහිණි ඇල්ලෙන් පහළට පෙරළී දෙදෙනෙක් ජීවිතක්ෂයට

නල්ලතන්නියේ – මස්කෙළිය මාර්ගයේ මස්කෙළිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෝහිනි ඇල්ලෙන් පහළට පෙරළීයාමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් පාසල් ළමුන් තිදෙනෙක් ද බරපතල ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (22) දින උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted