මෙරට සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශයක් හඳුන්වා දී තිබෙනවා.
එම මාර්ගෝපදේශය හෙට (20) එළිදක්වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනාගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වාදීම මෙහි අරමුණ වී තිබෙනවා.
ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය දිනවල විශ්වවිද්‍යාල කිහිපයක්ම වසා දැමීමට සිදු වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













