වත්මන් ලෝක ශුරයන්ට එරෙහිව එංගලන්තයට තරගාවලියේ ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඉතිරිය තිබිය දීම තරගාවලියේ ජය වාර්තා කර ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ ඊයේ (09) පැවති සිව්වන විස්සයි විස්ස තරගය කඩුලු 09කින් ජය ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉනිද්‍යා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 158ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්තය එම ඉලක්කය පහසුවෙන් හඹා ගියා.

පන්දුවාර 13යි පන්දු 05ක් පමණක් වැය කරමින් එංගලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමට එක් කඩුල්ලක් පමණක් ලබා දෙමින්.

තරගාවලියේ අතහැර දැමූ පළමු තරගය හැර අනෙක් තරග 03ම ජයගෙන සිටින එංගලන්තය මේ වන විට 3 -0 ක් ලෙස තරගාවලියේ ජය වාර්තාකර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.10
00:00
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාව එළියට..සියල්ල හර්ෂ හෙළිකරයි - සුදුසු ක්‍රියාමාර්ග ගන්න
06:57
Video thumbnail
සෞඛ්‍යය නිලධාරින් එක්ක පාරට බැස්ස ඇමති නලින්ද ?කට්ටිය එක්ක පා ගමනේ යන හැටි
02:00
Video thumbnail
ආමි ට්‍රක්වලින් බැහැලා ඇවිත් හමුදාව, පොලිසීය වැල්ලවායට දුන්න සුපිරි සුද්දය
00:56
Video thumbnail
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
01:10
Video thumbnail
වටපිට බලලා ඇතා පාර මාරුවෙන හැටි
00:22
Video thumbnail
"හාමුදුරුවන්ට හාර්ට් ඇටෑක් වගේ හැදුණා"ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
02:00
Video thumbnail
සියලු දේම ෆේල් වෙනකොට ආණ්ඩුවට ඉතුරු වෙන්නේ හිරගෙදර විතරයි
05:40
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ වෙන රාජිතගේ සමීකරණය - අද ආණ්ඩුව ඉවරයි..ජනමතය අවසන්
05:26
Video thumbnail
"බන්ධනාගාර නිලධාරින්ට ප#ර දීලා විතරක් නෙවෙයි අවයව පවා ක#ලා"දයාසිරි හෙළිකළ දේ
03:57