ගෑස් මිල අඩු කිරීමට සමාගම් දෙකම තීරණය කිරීමත් සමඟ බත් පැකැට්ටුවක මෙන්ම කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව බත් පැකැට්ටුවක්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල රුපියල් 15කින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.
ඊට අමතරව බිත්තර රොටී, පරාටා ඇතුළු කෙටි කෑමවල මිල ගණන් ද රුපියල් පහකින් අඩුකරන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම ප්ලේන්ටියක මිල සහ කිරි තේ එකක මිල ද රුපියල් පහකින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බවයි එම සංගමයයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
+1
+1
+1













