කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, පරාටා, බිත්තර රොටී, ටී, ප්ලේන්ටී ඇතුළු හෝටල් කෑම මිල පහළට

ගෑස් මිල අඩු කිරීමට සමාගම් දෙකම තීරණය කිරීමත් සමඟ බත් පැකැට්ටුවක මෙන්ම කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව බත් පැකැට්ටුවක්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල රුපියල් 15කින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.

ඊට අමතරව බිත්තර රොටී, පරාටා ඇතුළු කෙටි කෑමවල මිල ගණන් ද රුපියල් පහකින් අඩුකරන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම ප්ලේන්ටියක මිල සහ කිරි තේ එකක මිල ද රුපියල් පහකින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බවයි එම සංගමයයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14