කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය මෙම වසරේ ජූනි මාසය සඳහා 6.8%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 මැයි මාසයේ දී කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමනය 5.5%ක් ලෙස වාර්තා වී තිබුණු බව සඳහන්.
2026 ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 3.6%ක් ලෙසත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 8.4%ක් ලෙසත් සඳහන් වුණා.
එමෙන්ම 2026 වසරේ මැයි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 0.9%ක් ලෙස වාර්තා වූ අතර එම මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 7.8%ක් ලෙස වාර්තා වී තිබූ බව සඳහන් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













