Update – භෞත චිකිත්සකවරියගේ ඝාතනය; සැකකාර පෙම්වතා අපරාධයෙන් පසුව විදෙස් ගතවීමට උත්සාහ දරා ඇති බව හෙළිවෙයි

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (24) අලුයම යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියව ලැබී තිබෙනවා.

සැකකරු වැල්ලවත්තේ සිට යාපනයේ, චාවකච්චේරිය දක්වා බසයෙන් ගමන් කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සමඟ ඔහුගේ බිරිඳ ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සමඟ කුඩා දරුවෙකු ද සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු මුව ආවරණයක් පැළඳ සිට ඇති අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වාලගෙන සිට තිබෙනවා.

මොවුන් පසුගිය දින කිහිපයේ මීගමුව, හලාවත යන ප්‍රදේශවල සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සහාය දරා ඇති බවට හෙළිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පෙම්වතා සහ ඔහුගේ බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 17 වනදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ සුදු පැහැති වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනුණා.

මෙලෙස මරණයට පත්ව තිබුණේ, අම්පාර මහ රෝහලේ සේවය කරන භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය තොරතුරු අනවරණය කරගෙන තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47