ඉදිරියේ දී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න රජය සූදානම් වෙයි

ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ රැස්වීමක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

ඉදිරියේ දී ගෝලීය වශයෙන් ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සහ පෙර සූදානම් විය යුතු ආකාරය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

එසේම එල්-නිනෝ තත්ත්වය හමුවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඇති විය හැකි බලපෑම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවුණා.

ඉදිරියේදී එළඹෙන යල කන්නයට අවශ්‍ය ජලය ජලාශවල ගබඩා කර ගැනීම සහ පානීය ජලය සුරක්ෂිත කර ගැනීම සම්බන්ධවද සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳව අදාළ ආයතනවල අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඉදිරියේදී පැවැත්වීමටද මෙහිදී තීරණය කෙරුණු අතර, එල්-නිනෝ තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධව සැලසුම් සකස් කර එදිනට ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවලට උපදෙස් ලබා දෙනු ලැබුවා.

දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන මෙම ගෝලීය තත්ත්වයද හොඳින් කළමනාකරණය කිරීමට සැලසුම් පවතින බවත්, ඒ පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බවත් අමාත්‍යවරු මෙහිදී පෙන්වා දුන්නා.

ස්වභාවික ආපදා කිසිසේත් පුරෝකථනය කළ නොහැකි බවත්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා කල්තියා සැලසුම් සකස් කළ යුතු බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි - "ඩෝබි බලකාය කියන බොරුවක් අහු නොවෙන්න කියන්න"
01:51
Video thumbnail
සලේ වෙනුවෙන් කොටුවට ආ සංජීව කිව්ව දේ
01:44
Video thumbnail
සලේ අනිවාර්යෙන් නිදොස් කොට නිදහස් වෙනවා
02:12
Video thumbnail
විමල්ටයි, උදයටයි ශක්තියක් වෙන්න ආ නාමල් රාජපක්ෂ - "අපි රණවිරුවෝ වෙනුවෙන් පෙනී ඉන්නවා
02:22
Video thumbnail
මෙයාලට නාන්න වෙන්නේ බේර වැවේ නෙමෙයි, වෙන තැන්වල
01:34
Video thumbnail
ලක්මාලි මාධ්‍යයට කියන්න එපා කියලා තර්ජනය කරන්නේ කොහොමද ?පල්ලේගම හිමි ගොඩ දාන්නද හදන්නේ ?
06:51
Video thumbnail
කොටුවේ සත්‍යග්‍රහය ඉදිරිපිට ශානිට අත් වූ ඉරණම
01:03
Video thumbnail
සලේ රෝහල ඇතුළෙත් උපවාස කරනවද ?නලින්ද හෙළිකරයි - තවදුරටත් සලේට රඟපෑම් කරන්න බෑ..?
01:00
Video thumbnail
ඔය සත්‍යග්‍රහය කරන්නේ සලේට තියන ආදරේට නෙමෙයි
03:41
Video thumbnail
භාණ්ඩාගාර මංකොල්ලය ගැන හෙළිදරව්වක්..මහ බැංකුව තමන්ගේ වගකීම ඉටු කළාද ?
07:26