හැටන් ප්‍රදේශයේ පාලසක අධ්‍යාපනය ලබන 07 හැවිරිදි පාසල් සිසුවෙක් හැටන් බස් නැවතුම්පොළේ ලංගම වේලා සටහන්කරු විසින් රඳවාගෙන අද (27) පොලිසියට භාර දී තිබෙනවා.
එම සිසුවා තම දෙමව්පියන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බව පවසමින් කොළඹට යෑමට බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
දෙමව්පියන් බැලීමට බස් රථයෙන් කොළඹ බලා යෑමට තම ලොකු අම්මා විසින් මුදල් ලබාදුන් බවත් එම සිසුවා හැටන් බස් නැවතුම්පොළේ වේලා සටහන්කරුට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ඒ පිළිබදව සැක සිතූ වේලාසටහන්කරු සිසුවාට කොළඹ බලා යෑමට ඉඩ ලබානො දී සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ සිසුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
හැටන් පොලිසිය සඳහන් කළේ, සිය භාරයට ගැනුණු සිසුවා සම්බන්ධයෙන් කරුණු වාර්තාකර සිසුවා දෙමව්පියන් වෙත භාරදීමට කටයුතු කරන බවයි.













