නිවසින් ආ දුර්ගන්ධය පරික්ෂා කිරීමේ දී ගමන් බෑගයක කාන්තා නිසල සිරුරක්

සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට ඊයේ (20) සවස සීදූව පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව එම නිවස පරීක්ෂා කිරීමේදී නිදන කාමරයක තබා තිබූ ගමන් බෑගයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට නිරීක්ෂණය වූ බව පොලිසිය පවසනවා.

මරණකාරිය අවුරුදු 79 ක් වූ මූකලන්ගමුව, සීදූව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.

මරණකාරිය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා ගලවා ඉවත් කර ඇති බවත්, දුරකථන රැහැන් කපා ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අද (21) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45