පොලිසියේ වෙඩි තැබීමකින් සැකකරුවෙක් රෝහල් ගතකෙරේ

හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුනු හදිසි තොරතුරකට අනුව කට්ටකඩුව පුදේශයේ දී අනවසරෙන් හරක් ප්‍රවාහනය කළ ලොරි රථයක් නතර කිරීම සඳහා පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

අද (20) පෙරවරු 07.15 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එම ලොරි රථයේ පිටුපස ගමන්ගත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම ලොරි රථයේ සිටි තවත් සැකකරුවන් තිදනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ ලොරි රථය සහ තවත් ලොරි රථයක් අතුරු මාර්ගයක පැමිණ ඇති අතර පසුව පොලිස් නිලධාරීන් දුටු සැකකරුවන්, පොලිස් නිලධාරීන්ව යටකර පලා යාමට තැත්කර තිබෙනවා.

ඒ අනුව එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් ලොරියේ පිටුපස ටයර් වලට වෙඩිතබා ඇති අතර ලොරි රථයේ පිටුපසින් පාදයක් ඉවතට තබාගෙන ගමන් ගත් පුද්ගලයෙක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45