ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයට හානියක් ?

දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත සහ පසුගිය කාලවලදී ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයට හානියක් සිදුවී ඇති බවට නුවරඑළිය තැපෑලෙන් සිදු කළ පැමිණිල්ලට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකළ දැනුම් දීමට නුවරඑළිය පොලිසියේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එසේ ක්‍රියාමාර්ග නොගැනීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවත් නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරනවා.

නුවරඑළිය සුරකීමේ සංවිධානය වෙනුවෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ගයාන් චතුරංග විජයබණ්ඩාර සහ නාලක දිනේෂ් රත්නායක අද (20) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව කියා සිටියා.

මෑතකදී සංවර්ධන කටයුතු ආරම්භ කල පුරාවිද්‍යාත්මක හා පෞරාණික වටිනාකමින් යුත් නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයට සම්බන්ධ තඹ පටිය මැදින් කැඩී ඇති බවට සහ ඒ හරහා අකුණු සන්නායකයට හානියක් සිදු වී අකුණු සන්නායකය අස්ථානගත වී ඇති බව පවසමින් නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිවරිය විසින් පසුගිය අප්‍රේල් මස 10 වන දින නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර දැනුවත් කර තිබෙනවා.

පොලිසිය වෙත සිදු කල එම පැමිණිල්ලෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස නුවරඑළිය පොලිසියට පසුගිය.29 වැනිදා ලිපියක් මගින් දැනුම් දී විමසීමක් කර ඇතත් මේ වෙනවිටත් කිසිදු විමර්ශන කටයුත්තක් විධිමත්ව ආරම්භ කර නොමැති බවයි චෝදනා එල්ලවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00