හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීමේ දී රජයට සිදුවූ රුපියල් කෝටි 1,590ක පාඩුව අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද (18) ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 27 වනදා කැඳවන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













