ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

ගායන ශිල්පී චාමර රණවක පානදුර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ගායන ශිල්පී චාමර රණවක පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔහුට රුපියල් 20,000ක දඩ මුදලක් පැනවීමටයි අධිකරණය අද (18) නියෝග කළේ.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ආරක්‍ෂිත හිස්වැසුම් ( හෙල්මාට්) නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීමේ චෝදනාවට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

ගායන ශිල්පී චාමර රණවක සහ තවත් දෙදෙනෙක් ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

අධිකරණයට ඉදිරිපත් කළ චාමර රණවක අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06