ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත වැරදි – සජිත්

විධිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීමට නම් සත්‍යවාදී තොරතුරු සහ දත්ත මත එකී රාජ්‍ය පාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කෙසේ වෙතත් වත්මන් රජය සත්‍යවාදී සංඛ්‍යාලේඛන දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත මහපොළොවේ සත්‍ය හා යථාර්ථය සමඟ සංසන්දනය කරන විට වැරදි දත්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මේ බව කියා සිටියේ අද (15) තිස්සමහාරාම, කාසිංගම පිහිටි ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝනායක බෝගහපැලැස්සේ සෝමිස්සර හිමි මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් පසුගිය මාර්තු මාසයේ දී මෙරට එක පුද්ගලයකුට රුපියල්.16990ක් දුප්පත්කමින් තොරව ජීවත් විය හැකි බවට දත්ත නිකුත් කර ඇති බවත්, දින 30ක කාලයක් තුළ ආහාරපාන සහ වෙනත් අවශ්‍යතා ආදිය සපුරා ගැනීමට රුපියල් 16690කින් හැකියාවක් ඇත් ද කියා ජනතාව ප්‍රශ්න කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

එම දත්ත සියල්ල සම්පූර්ණයෙන් වැරදි නිසාවෙන් එම දත්ත කේන්ද්‍ර කරගෙන දරිද්‍රතා රේඛාව රජය තීන්දු කර විවිධ සහනාධාර ලබා දෙන බවට පෙන්වා දෙන විපක්ෂ නායකවරයා පවසන්නේ මෙරට 30-40%ක් පමණ දුප්පත් බවත්, ඔවුන්ට ඉන්න හිටින්න තැනක් හෝ ජිවනෝපායක් පවා නොමැතිව ආහාර, ආහාර නොවන අවශ්‍යතා පවා සපුරාගැනීමට නොහැකිව සිටින බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් කතාකරන්නේ මොන කටින් ද.. නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල කටාර් හිටපු නායකයාට ශෝකය පල කරන්න යයි - "කොහේ යුද්ධ තිබුණත් ලංකාවට බලපානවා"
05:05
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා නිදහස් පක්ෂයේ කාන්තාවක් සැරටම දෙයි
23:58
Video thumbnail
සමුගෙන යන මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ කියපු රස කතා..
02:16
Video thumbnail
බලය තියෙන කාලේ වෙච්ච දෙයක් අවුරුදු ගාණකට පස්සේ හෙළිවෙයි..
02:02