නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් 2026.05.13 දින පෙ.ව 09:00 සිට: 2026.05.14 දින පෙ.ව 09:00 දක්වා වලංගු වනවා.
ඒ, අනුව පහත දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශයේ ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 01 සහ අනතුරු ඇඟවීමේ මට්ටම 01 යටතේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 02
බදුල්ල දිස්ත්‍රික්කය – පස්සර
ගාල්ල දිස්ත්‍රික්කය – නෙළුව
කළුතර දිස්ත්‍රික්කය – අගලවත්ත, බදුරලිය, මතුගම, හොරණ සහ වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය – පස්බාගේ කෝරළය, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, පන්විල, ගංගා ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ අකුරණ
රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල සහ රත්නපුර
අනතුරු ඇඟවීමේ මට්ටම 01
බදුල්ල දිස්ත්‍රික්කය – බණ්ඩාරවෙල සහ හාලිඇල
ගාල්ල දිස්ත්‍රික්කය – තවලම, ඇල්පිටිය සහ නියාගම
කළුතර දිස්ත්‍රික්කය – ඉංගිරිය සහ බුලත්සිංහල
මහනුවර දිස්ත්‍රික්කය – පූජාපිටිය, තුම්පනේ, දෙල්තොට, දොළුව, උඩුනුවර, හතරලියද්ද සහ හාරිස්පත්තුව
කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය, මාවනැල්ල, කෑගල්ල, අරණායක, යටියන්තොට, වරකාපොළ සහ රඹුක්කන
කුරුණෑගල දිස්ත්‍රික්කය – රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට, නාඋල සහ අඹන්ගඟ කෝරළය
මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර
මොනරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය, බඩල්කුඹුර සහ බිබිල
නුවරඑළිය දිස්ත්‍රික්කය – නෝර්වුඩ්, අඹගමුව කෝරළය සහ කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ, කලවාන, කුරුවිට, ගොඩකවෙල, කිරිඇල්ල සහ අයගම













