සතුට වෙනුවට දුක වපුරණ ජනතා විරෝධී පාලනයක් රටේ ක්‍රියාත්මකයි – සජිත්

මේ වන විට පාලනය කරනුයේ ජනතා විරෝධී සහ ජනතාවගෙන් පළිගන්නා ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (12) විපක්ෂ නායක කාර්යාලයේ දී SMART සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමඟ පැවැති හමුවකදීයි.

මැතිවරණවලදී විදුලි බිල 33%කින් අඩු කරන බව පැවසූ නමුත් අද වන විට අවස්ථා රැසක දී විදුලි බිල වැඩි කිරීම නිසාවෙන් මේ මේ නිසාවෙන් ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා බරපතළ ලෙස අවධානමකට ලක්ව ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ආයෝජකයන් ආරක්ෂා කරගනිමින් අපනයනය දිරිගැන්විය යුතු බවට මැතිවරණ වේදිකාවේ පැවසූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව, සෑම පොරොන්දුවක්ම කඩකර ඇති බවත්, ඔවුන් කරනුයේ සමාජ මාධ්‍ය ඔස්සේ බොරුව සමාජගත කිරීම පමණක් බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්