Update – ගාල්ලේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී

අද දින උදෑසන ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගියා.

වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සක කෙරෙන මෝටර් රථය දඩැල්ල සුසානභූමිය අසළ දමාගොස් තිබිය දී පොලිසිය විසින් මේ වනවිට සොයාගෙන තිබෙනවා.

අද උදෑසන සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා අවුරුදු 44ක ගාල්ල, දංගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !