මිලගට මිල වැඩිවන දේ ගැන ඉඟියක්

කිරිපිටි ආනයනික සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස යි.

ලෝක වෙළදපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම මෙම ඉල්ලීමට හේතු ලෙස සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 350කින් ද, ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 140කින් ද ඉහළ දැමීමට මෙලෙස අවසර ඉල්ලා ඇති බව සඳහන්.

කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 945ක් වැනි මිලකට යි.

ඒ අනුව, ආනයනික කිරිපිටි සමාගම්වල ඉල්ලීම් පරිදි මිල වැඩි කළහොත් කිලෝවක පැකට්ටුවක නව මිල රුපියල් 1,295ක් දක්වා ඉහළ යනු ඇති.

කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ ඇමරිකානු ඩොලර් 2800ක්ව පැවති ලෝක වෙළදපොළේ කිරිපිටි ටොන් එකක් මේ වන විට ඩොලර් 4300 දක්වා ඉහළ ගොස් ඇති බව යි.

එපමණක් නොව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ද තම ව්‍යාපාරවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, පවතින වසංගත තත්ත්වය හමුවේ ජනතාව පත්ව ඇති දුෂ්කරතාවන් සැලකිල්ලට ගෙන මේ මොහොතේ එවැනි මිල ඉහළ දැමීමකට අවසර ලබා දිය නොහැකි බව මේවන විට පාරිභෝගික අධිකාරිය සදහන් කරනවා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඒ පිළිබඳ ආණ්ඩුව වෙත දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මෙවන් පසුබිමක දී කිරිපිටි මිල ද ඉහළ ගියහොත් එම බලපෑම තවත් වර්ධනය වීමේ හැකියාව ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?