මිලගට මිල වැඩිවන දේ ගැන ඉඟියක්

කිරිපිටි ආනයනික සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස යි.

ලෝක වෙළදපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම මෙම ඉල්ලීමට හේතු ලෙස සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 350කින් ද, ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 140කින් ද ඉහළ දැමීමට මෙලෙස අවසර ඉල්ලා ඇති බව සඳහන්.

කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 945ක් වැනි මිලකට යි.

ඒ අනුව, ආනයනික කිරිපිටි සමාගම්වල ඉල්ලීම් පරිදි මිල වැඩි කළහොත් කිලෝවක පැකට්ටුවක නව මිල රුපියල් 1,295ක් දක්වා ඉහළ යනු ඇති.

කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ ඇමරිකානු ඩොලර් 2800ක්ව පැවති ලෝක වෙළදපොළේ කිරිපිටි ටොන් එකක් මේ වන විට ඩොලර් 4300 දක්වා ඉහළ ගොස් ඇති බව යි.

එපමණක් නොව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ද තම ව්‍යාපාරවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, පවතින වසංගත තත්ත්වය හමුවේ ජනතාව පත්ව ඇති දුෂ්කරතාවන් සැලකිල්ලට ගෙන මේ මොහොතේ එවැනි මිල ඉහළ දැමීමකට අවසර ලබා දිය නොහැකි බව මේවන විට පාරිභෝගික අධිකාරිය සදහන් කරනවා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඒ පිළිබඳ ආණ්ඩුව වෙත දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මෙවන් පසුබිමක දී කිරිපිටි මිල ද ඉහළ ගියහොත් එම බලපෑම තවත් වර්ධනය වීමේ හැකියාව ද පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48