එළඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සිදුකරන රුවන්වැලිසෑය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සුදු හුණු පිරියම් කිරීමේ පුණ්‍යයෝත්සවය අද (22) ආරම්භ වුණා.
අද (22) පෙරවරු 7.42ට යෙදී තිබූ සුබ මොහොතින් මෙම කටයුත්ත ආරම්භ කෙරුණා.
අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ සහ රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධාන අනුශාසනා පරිදි මෙම සුදු හුණු පිරියම් කිරීමේ උත්සවය ආරම්භ වුණා.
රුවන්වැලි මහා සෑයේ හුණු පිරියම් කිරීම සඳහා දායකත්වය ලබාදෙන ලෙස දෙස් විදෙස් දායකයින්ට ඉල්ලීමක් කරන බව ද රුවන්වැලිසෑය විහාරාධිකාරී හිමියන් මෙහිදී සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
+1













