රාගම කතකගේ හිසකෙස් කැපීමේ සිද්ධියේ සැකකාරියන් අද උසාවියට – කාන්තාවට එරෙහිවත් පැමිණිල්ලක්

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ දී කාන්තාවකට හිංසා කරමින් ඇගේ හිසකෙස් කැපීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් අද (18) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් අතර, ප්‍රධාන සැකකාරිය වයස අවුරුදු අවුරුදු 27ක් වන අතර, අනෙක් සැකකාරියන් අවුරුදු 20, 21, 22 සහ 23 යන වයස්වල පසුවනවා.

මොවුන් රාගම, රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමලය චීනවරාය යන ප්‍රදේශවල පදිංචිකාරියන්.

රාගම ප්‍රදේශයේ වෙළඳසැළක් තුළදී සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් කාන්තාවකට හිංසා කරමින් ඇගේ හිසකෙස් කපන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරුවීමත් සමඟ සිද්ධිය පිළිබඳව පොලිසියේ අවදානය යොමුව සැකකාරියන් ඊයේ (17) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

රාගම පොලිසියෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ අදාළ සිදුවීම අප්‍රේල් 07 වනදා සිදුව ඇති බවයි.

අදාළ සිදුවීමට මුහුණු පෑ කාන්තාවට එරෙහිව ද සිද්ධිය සිදුවූ කාලය තුළ වෙළඳසැල පාර්ශවයෙන් පැමිණිල්ලක් රාගම පොලිසියට සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාව මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30