වාද්දුවේ කසල අංගනයක ඇති වූ ගින්න පාලනය කෙරේ

වාද්දුව පොලිස් වසමට අයත් මහ වාද්දුව, ශ්‍රී සුමන මාවත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පවත්වාගෙන ගිය කසල එකතු කිරීමේ ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම පෞද්ගලික ඉඩමේ දැනට වසර දෙකකට පමණ පෙර සිට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතා මත මෙම කසල එකතු කිරීමේ ඉඩම පවත්වාගෙන ගොස් තිබෙන අතර අද (14) උදෑසන එම කසල සහිත මෙම ඉඩමේ ගින්නක් හටගෙන තිබෙන අතර එම ගින්න අවට නිවාසකරා ද පැතිර යාමේ අවදානමක් දක්වා වර්ධනය වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වාද්දුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබෙන අතර, ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හා දේපලකට හානි සිදුව නැහැ.

එම ගින්න පාලනය සඳහා පැය දෙකකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රයක් දැරීමට ගිනිවීම් ඒකකයට සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40