උත්සවය සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

උත්සවය සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශය නිවේදනය කළේ, උත්සව සමය තුළ ජනතාවට සුරක්ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.

එහිදී අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කෙරෙනු ඇති.

ඒ සඳහා කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ද පිහිටුවා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, එය ත්‍රිවිධ හමුදා නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

011- 2013051 / 011- 2027148/011- 2027149 / 011- 2430912 යන දුරකථන අංක ඔස්සේ එම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකියි.

මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ සියලු ජනතාව වෙත සාමකාමී සහ සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ආරක්‍ෂක අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත උපරිම සහයෝගය ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46