කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩබැස්ස වූ ‘Artemis II’ යානයේ ඔරියන් කැප්සියුලය තුළ සිටින ගගනගාමීන් සිව්දෙනා යහපත් තත්ත්වයේ පසුවන බව නාසා ආයතනය නිවේදනය කරනවා.
ගගනගාමීන් සිව්දෙනාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි නාසා වෛද්‍ය නිලධාරියෙකු තහවුරු කර ඇත්තේ.
ඔවුන් සිව්දෙනා කඩිනමින් පැසිෆික් සාගරයේ රඳවා ඇති USS ජෝන් පී මුර්තා නෞකාව වෙත රැගෙන ඒමට කටයටුතු කරමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













