තොරතුරු රහිත මිලියන 10ක ආලේපන තොගයක් පිටකොටුවේ දී සොයාගැනේ

රුපියල් මිලියන 10කට ආසන්න අනුමාන වෙළෙඳපොළ වටිනාකමකින් යුත් තොරතුරු රහිත අලේපන තොගයක් කොළඹ, පිටකොටුව ප්‍රධාන වීදියේ පිහිටි ගබඩාවක තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යාංශය මගින් ලබා දුන් තොරතුරකට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (09) දිනයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අදාළ නිෂ්පාදනවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ තොරතුරු ඇතුළු නීතියෙන් අනිවාර්ය කර ඇති කිසිදු මූලික තොරතුරක් සඳහන් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි තිබූ වෙළඳ නාම 13කට අයත් ආලේපන සාම්පල ලබාගෙන ඇති අතර, ඒවා වැඩිදුර රසායනාගාර පරීක්ෂණ වෙත යොමුකර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32