​නවීකරණය කළ කොළඹ මධ්‍යම බස් නැවතුම අගමැතිනියගේ නිරීක්ෂණයට

දශක හයකට අධික ඉතිහාසයක් ඇති, වසර ගණනාවක් නිසි නඩත්තුවකින් තොරව පැවති කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, වර්තමාන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමියගේ විශේෂ නිරීක්ෂණයට ලක් වුණා.

​1964 වසරේ ඉදිකරන ලද මෙම මධ්‍යම බස් නැවතුම්පොළ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කර පසුගිය අප්‍රේල් 08 වන දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී. මගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණයි.

ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කාන්තාවන්ගේ සුවපහසුව සහ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබීම අග්‍රාමාත්‍යතුමියගේ ඇගයීමට ලක් විය. විශේෂයෙන්ම, දුර බැහැර සිට පැමිණෙන කිරිදෙන මවුවරුන් වෙනුවෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ඉදිකර ඇති නවීන විවේක ස්ථානය විශේෂ ප්‍රශංසාවට ලක්වුණා.

මගී ආසන වෙන්කිරීමේ නවීන ක්‍රමවේද සහ මගීන්ට තොරතුරු ලබාගැනීම සඳහා ස්ථාපිත කර ඇති පද්ධති පිළිබඳව ද මෙහිදී සොයා බලන ලද අතර මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති නවීන නිරීක්ෂණ මැදිරිය ඇතුළු ​ආරක්ෂක විධිවිධාන අග්‍රාමාත්‍යතුමිය විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.
.
​මෙම සංචාරය අතරතුර, බස් නැවතුම්පොළේ රැඳී සිටි මගී ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ අග්‍රාමාත්‍යතුමිය, නවීකරණය කරන ලද පහසුකම් සහ ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව ඔවුන්ගේ අදහස් විමසා සිටියා.

​රජයේ අරමුණ වන්නේ පොදු ප්‍රවාහන සේවාව යනු සාමාන්‍ය ජනතාවට ගෞරවනීය ලෙස පරිහරණය කළ හැකි, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ආරක්ෂිත සේවාවක් බවට පත් කිරීම බව මෙහිදී අවධාරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32