හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තායි තෙල් නැව් ගමන් කිරීමට ඉරානය අවසර ලබා දී තිබෙනවා.
තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් පවසන්නේ තායි තෙල් නැව් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩදීම සඳහා ටෙහෙරානය සමඟ එකඟතාවයකට පැමිණි බවයි.
මැද පෙරදිග තෙල් ආනයනය මත රට බෙහෙවින් රඳා පවතින බැවින්, මෙම එකඟතාවය තායිලන්තයේ බලශක්ති සැපයුම පිළිබඳ කනස්සල්ල සමනය කරනු ඇති බවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
මේ අතර මේ මස මුලදී, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ දී තායි ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් නොදන්නා ප්‍රහාරවලට ගොදුරු වූ අතර, පසුව නෞකාවේ කාර්ය මණ්ඩලය ඕමාන් නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවා.
නමුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු තවමත් අතුරුදහන්ව සිටිනවා.
මේ අතර ඊයේ (27) ඉරානය නිවේදනය කළේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් ගන්නා ඕනෑම නෞකාවකට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි අනතුරු අඟවා සිටියේ.













