නැවත දැනුම් දෙනතුරු පු.ලි.දෙ සියලුම මහජන සේවාවන් අත්හිටුවයි

හදිසි බිඳවැටීමක් හේතුවෙන් හෙට (27) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද පස්වරුවේ සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.