ඉන්ධන මිල ඉහළ යාම, ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ඇතුළු පවතින තත්ත්වය හමුවේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් අද (23) දිනයේ ගනු ලබන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ එම සංගමයේ සාමාජිකයින් අතර අද (23) පෙරවරු 10.00ට පැවැත්වෙන විශේෂ සකච්ඡාවකින් අනතුරුව එම තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.
ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි දසත නිව්ස් සිදුකළ විමසීමක දී සභාපතිවරයා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













