මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය ගැන විශේෂ ප්‍රකාශයක්

මැදපෙරදිග මතුව තිබෙන යුදමය තත්ත්වය ඉදිරි සති කිහිපය ඇතුළත සමනයකට පත් නොවුන හොත් මැයි මාසයට අදාළව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයේ දී දරාගත නොහැකි ආකාරයේ මිල ඉහළ යෑමක් සිදුවිය හැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ළඟ ළඟ තෙල් මිල වැඩි කිරීමේ කිසිම සූදානමක් රජයට නොමැති බවයි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීමේ අරමුණින් පාසල් පැවැත්වීම සීමාකිරීමට තීරණයක් ගෙන ඇත්දැයි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙහිදී විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි කිසිදු තීරණයක් රජය මෙතෙක් ගෙන නොමැති බවයි.

නියමිත පරිදි වාර අවසන් කිරීමට ඇත්තේ අප්‍රේල් මස 10 වන දින බවත් ඒ දකවා බදාදා දිනයන්වල දී පමණක් පාසල් නොපැවැත්වීමට ගෙන ඇති තීරණය තුළ කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඇතිව තිබූ අවිනිශ්චිතභාවය ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට පීඩාකාරී වූ බැවින් හැකිතාක් දුරට සතියකට පාසල් දින 04ක් පැවැත්වීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
11
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52