නීතිවිරෝධීව මෙරට රැඳී සිටි ඉන්දුනීසියානුවේ 76ක්, මීගමුවේ දී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙක් අද (20) දින පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්, එම දෙපාර්තමේන්තුවෙන් ලද බුද්ධි තොරතුරු මත මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වටලා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා පහසුකම් යටතේ මෙරටට පැමිණ තිබූ අතර, ඉන් 36 දෙනෙක්ගේ වීසා කාලය කල් ඉකුත් වී තිබුණා.

ඉතිරි ඉන්දුනීසියානු ජාතිකයන් 40 දෙනා වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටින්නන් බවයි පැවසෙන්නේ.

මෙම ඉන්දුනීසියානු ජාතිකයන් වයස අවුරුදු 25 ත් 35 අතර පසුවන්නන් වන අතර ඔවුන් අතරින් 06 දෙනෙකු කාන්තාවන්.

මෙසේ අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු ජාතිකයන් පිරිස, ආගමන විගමන පාළක ජනරාල් චමින්ද පතිරාජගේ උපදෙස් මත මේ වනවිට වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා ඇති අතර ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගනිමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31