මාල හොරා අල්ලා පොලිසියට භාරදීලා (වීඩියෝ)

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකා පලා යෑමට තැත් කළ සැකකරුවෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී තිබෙනවා.

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ දී ඊයේ (08) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

තරුණියක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඇය පසුපසින් පැමිණි තවත් යතුරුපැදිකරුවෙක් විසින්, තරුණිය ගෙළ බැඳ සිටි රන් මාලය කොල්ලකෑමට උත්සහා දරා ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී යතුරුපැදි දෙකම පෙරළී අනතුරක් සිදුව ඇති අතර, එහිදී සැකකරු විසින් තරුණියගේ රන් මාලය කොල්ල කා පලායාමට උත්සාහ දරා තිබෙනවා.

එහිදී තරුණියගේ කෑ ගැසීමත් සමඟ අදාළ ස්ථානයට පැමිණි පුද්ගලයෙක් විසින් යතුරුපැදියේ නැගී පලායාමට උත්සාහ කළ සැකකරු අල්ලා ගෙන තිබෙනවා.

එලෙස අල්ලා ගැනුණු සැකකරු යතුරුපැදිය ද සමඟ වෙන්නප්පුව පොලිසිය වෙත භාරදිමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, මල්වත්ත පාර පදිංචි 29 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11