මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණු කර ගනිමින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක කළ “රටම එකට ” ජාතික මෙහෙයුම යටතේ පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වන දින සිට ඊයේ (05) දින දක්වා වන සමස්ථ වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම මෙහෙයුම් ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා එම මෙහෙයුමමඟින් සැකකරුවන් 112,878 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඒ අතරින් සැකකරුවන් 1,731 දෙනෙක් පුනුරුත්තාපනය සඳහා යොමුකර තිබෙනවා.
එමෙන්ම එමා මෙහෙයුම මඟින් මේ දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 545ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1440ක් අත්අඩංගුවට ගෙන් ඇති බව පොලිසිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.
පොලිසිය විසින් නිකුත් කර තිබෙන සම්පූර්ණ වාර්තාව පහතින්,













