මත්ද්‍රව්‍ය අලෙවියෙන් මිලදී ගත් බවට සැක, කෝටි 02ක දේපල ක්‍රියා විරහිත කරයි

පොලිස්පතිතුමාට ලද තොරතුරකට අනුව පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ සහෝදරයාගේ නමින් මිලදී ගෙන ඇති බවට සැලකෙන දේපලක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව එම විමර්ශනයේ දී මෙම සංවිධානාත්මක අපරාධකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇතැයි සැලකෙන මහබෙල්ලන, අළුබෝමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 02 ක් පමණ වටිනා පර්වස් 21 ක් පමණ වන නිවසක් සහිත ඉඩමක්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අද (06) දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36