අධිකරණ ක්ෂේත්‍රයේ පවතින්නේ අද ඊයේ ඇති වු ගැටළු නොවෙයි – අධිකරණ ඇමති

අධිකරණ ක්ෂේත්‍රයේ පවතින්නේ අද ඊයේ ඇති වු ගැටළු නොවෙන බවත්, එම ගැටළු වසර 15 ක් 20 ක් තිස්සේ පැවති ඒවා බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) පස්වරුවේ මාතර අධිකරණ සංකීර්ණයේ යටිතල පහසුකම් අවශ්‍යතා පිළිබදව මාතර නීතිඥ සංගමය සමඟ ඊයේ (26) පස්වරුවේ මාතර කොටවිල අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදීයි.

මහෙස්ත්‍රාත් අධිකරණ පහසුකම්, අධිකරණ පරිශ්‍රයේ ස්ථාපිත සම්මන්ත්‍රණ ශාලාවට පහසුකම් ලබාදීම, කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ලබාදීම, සහතික පිටපත් ලබා ගැනීමේ උපකරණ ලබාදීම, අධිකරණ පරිශ්‍රය සඳහා ස්වයංක්‍රිය බැංකු පහසුකම් ලබාදීම, නීතිඥ කාර්යාල ඉඩම් ගැටළුව සහ සේවාදායක ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

නීතිඥ කාර්යාල සංකීර්ණයේ පහසුකම් පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකද අධිකරණ අමාත්‍යතුමා නිරත වුණා.

මාතර මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ ජයන්ත පතිරණ. වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති නීතිඥ, චින්තක හේවා පතිරණ, මාතර අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, කීර්ති ධනුෂ්ක ජයසිංහ, එම නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ, ගයාන් ප්‍රසංග ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය - "අනේ ගො# ගෑණි - පලයන් ගෑණියේ යන්න"
01:06
Video thumbnail
මාන හිමිකමට ආ සලේගේ බිරිඳ පිටව ගිය හැටි
01:32
Video thumbnail
සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් කොහොමත් ණය ගෙවන්න බෑ - දිගින් දිගටම පාඩු වෙනවා නම් සාර්ථකද ?
03:22
Video thumbnail
ජොන්ස්ටන්ගේ හෝටලේට හදිසියේම පොලිසියෙන් කඩා පැනලා
01:51
Video thumbnail
නීතිපති එක තාම තියෙන්නේ රනිල්ගේ යටතේද ? මාධ්‍යය ඉස්සරහා කියන එක තේරුමක් නෑ
01:41
Video thumbnail
විපක්ෂයේ 100ක් අත්අඩංගුවට ගන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා
09:47
Video thumbnail
Doctor කෙනෙක් චැනල් කරනවා වගේ සැකකරුවන්ට ඕනි දේ කරන්න බෑ..නලින්දගෙන් සැර කතාවක්
02:19
Video thumbnail
දිලිත්ගේ කතාව මැද හදිසියේම වේදිකාවට ගොඩවුණු තරුණයා - "මගේ පිංතූරයත් ගහගන්න කොහේහරි"
13:57
Video thumbnail
සලේගේ තත්ත්වය ගැන නලින්ගෙන් ප්‍රකාශයක්
04:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:01:01