පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර සාකච්ඡාවකට පහසුකම් දෙන්න ඉරානය සූදානමින්

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර මතුව ඇති දේශසීමා ආතතීන් පිළිබඳව සාකච්ඡාවකට පහසුකම් සැලසීමට සූදානම් බව ඉරානය පවසනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එක්ස් හි සටහනක් තබමින් පවසා ඇත්තේ, හොඳ අසල්වැසිභාවය සහ සංවාදය තුළින් ඔවුන්ගේ ගැටළු විසඳාගන්නා ලෙස ඔහු දෙරටෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර ජාත්‍යන්තර මානුෂීය නීතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ජාත්‍යන්තර නීතිය යටතේ ඔවුන්ගේ බැඳීම් දැඩි ලෙස පිළිපැදිය යුතු බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ.

එමෙන්ම දේශසීමා ගැටුම් සහ මාරාන්තික ගුවන් ප්‍රහාර මධ්‍යයේ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර සංවාදයක් සඳහා මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් දෙපාර්ශ්වයටම ආරාධනා කරනවා.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය පවසන්නේ පාකිස්ථානයේ සිට රටට පැමිණි ඇෆ්ගන් පුරවැසියන් නවාතැන් ගෙන සිටින නන්ගර්හාර් හි සරණාගත කඳවුරකට පාකිස්ථානය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කාන්තාවන් හත්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අසල්වැසි ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අනතුරුව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සිකුරාදා ප්‍රකාශ කළේ තම රටේ සන්නද්ධ හමුදාවන්ට ඕනෑම ආක්‍රමණිකයන් මැඩපැවැත්වීමට හැකියාව ඇති බවයි.

කෙසේ වෙතත් යුද විශ්ලේෂකයින් පවසන්නේ තලේබාන් සංවිධානය පාකිස්ථානය සමඟ සාම්ප්‍රදායික යුද්ධයකට අවතීරණ වීමට ඉඩක් නොමැති බවයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතර හමුදා ධාරිතාවයේ සැලකිය යුතු විෂමතාවයක් පවතින අතර, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ පාකිස්ථානයේ සන්නද්ධ හමුදා, හමුදා ශක්තියෙන් ලෝකයේ ඉහළම තැනක සිටිනවා.

ඇෆ්ගන් තලේබාන් සංවිධානයට එතරම් හමුදා සම්පත් නොමැති අතර,ඔවුන් ඔවුන්ගේම ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් පසුවීම මීට තවත් හේතුවන් බවයි යුද විශ්ලේෂකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10