කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්, ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලය මගින් ලබාදෙන ‘Lifetime Achievement Award’ ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය,අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා – ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකරණ ලද සුවිශේෂී මෙහෙවර අගයමින් ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.
ජීවිතයේ එක්වතාවක් පමණක් හිමිවන Lifetime Achievement Award ගෞරව සම්මායෙන්, ශ්‍රී ලාංකිකයෙකු පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













