අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

2025(2026) අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17).ආරම්භ වනවා .

විභාග මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සුදුකම් ලබා සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 45,1463ක්.

මෙවර විභාග කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531 සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, වටරැක සුනීත විද්‍යාලය, මහරගම අපෙක්ෂා රෝහල, කෛතඩි නෆීල්ඩ් විශේෂ පාසල පිහිටුවා ඇති බවයි දැනුම් දෙන්නේ.

මේ අතර සියලුම විභාග අපේක්ෂකයින් තමන්ට ලබා දී ඇති කාලසටහන අනුව විභාගය ආරම්භයට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම විභාග මධ්‍යස්ථානයට අපේක්ෂකයන් පැමිණීමේ දී ජංගම දුරකතන, ස්මාර්ට් බෝඩ්, ඉලෙක්ට්‍රොනික උපාංග, ගණක යන්ත්‍ර, මකන දියර සහ සටහන් පොත් ආදිය රැගෙන යාමට හැකියාව ලැබෙන්නේ නැහැ.

අද (17) ආරම්භ වන විභාගය පෙබරවාරි 26 වන දින තෙක් පැවැත්වීමට නියමිත අතර, විභාග නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසයි විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16