බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ජායාරූපයක් ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර හා මුදල් එකතුකිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.
මේ පිළිබඳව පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොලීසිය වෙත යොමු කර ඇති අතර, දිට්වා සුළි කුණාටුව හෝ වෙනත් කිසිදු කරුණකට ආදළව කිසිදු ආධාරයක් හෝ මූල්‍යමය ඉල්ලීමක් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉල්ලා නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරනවා.
මෙවැනි කූඨ දුරකථන ඇමතුම් හෝ වෙනත් ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













