මාර්ග අංක 120 හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා.
අධිවේගී මාර්ගය ඔස්සේ හොරණ සිට කොළඹ කොටුව දක්වා බස් රථ දෙකක් සඳහා අවසර ලබාදීමට විරෝධය පා මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.
මාර්ග අංක 120 සාමාන්‍ය බස් මාර්ගයෙන් කොළඹට යෑමට වැඩි කාලයක් ගතවීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ බස් රථ යෙදවීමට කටයුතු කළ බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ සඳහන් කළේ.
නියමිත ටෙන්ඩර් පටිපාටියක් සිදුකර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කහතුඩුව අධිවේගී පිවිසුම හරහා පෑලියගොඩින් කොළඹට යෑමට බස් රථ දෙකක් යොදාවා ඇති බවත්, ඉන් එක් බස් රථයක් මේ වන විට ධාවනය වන අතර එම බස් රථය ධාවනය කිරීමට විරුද්ධව මෙම වර්ජනයක් සිදුකරන බවයි සභාපතිවරයා පැවසුවේ.
කුමන වර්ජන ක්‍රියාත්මක කළ ද අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය කරන බස් රථය ඉවත් කර නොගන්නා බවයි සභාපතිවරයා අවධාරණය කළේ.














නියමයි. ඔය පිස්සු බලු රෑන බැඳ දාන්නම ඕන.
ඒ කියන්නෙ බස් දුවන්න පුළුවන් උන්ට විතරයි 😡😡😡
උන්ට ඕන විදියට නටන්නට දෙන්න ඵපා,සභාපති තුමනි,මේ ස්ටුයික් කරන උන්ගේ…..පර්මිට් අවලංගු කරන්න හොරණට මුන්ගේ බස්වලපැය,11/2 විතර යනවා කොලබ යන්න මෙය ඉතාමත්ම කාලෝචිතයි
120න් කහතුඩුව හරහත් highway බස් යොදවන්න. හොරණ -මාලඹේ, හොරණ-කෝට්ටේ, හොරණ-බොරැල්ල ‘හොරණ -කටුනායකට බස් යොදවන්න.
Good decisions