ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුමේනියානු රජය අතර කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රමික බඳවා ගැනීම් සහ කළමනාකරණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීම් පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය ආරක්ෂා කිරීම, දෙරටේ නිසි බලධාරීන් අතර නිරන්තර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම සහ කම්කරු ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව, කුසලතා පිළිගැනීම සහ ධාරිතා වර්ධනය වැඩිදියුණු කිරීම වැනි කරුණු මෙහි අරමුණයි.

දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමඟ විවිධ ක්ෂේත්‍රවලට අදාළ දිගුකාලීන හා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන රුමේනියාව ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර හා සේවා වැනි ක්ෂේත්‍රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික කාණ්ඩ අතර ප්‍රචලිත වෙමින් පවතින ගමනාන්තයක් වනවා.

වර්තමානයේ දී රුමේනියාට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ බලපත්‍රලාභී පෞද්ගලික රැකියා නියෝජිතායතන මගින් සිදු කරනු ලබනවා.

කෙසේ වුවවත් ඉහළ යන ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් වඩාත් සංවිධානාත්මක හා තිරසර බඳවා ගැනීම් ක්‍රමයක් ස්ථාපති කිරීම යෝග්‍ය බව දෙපාර්ශ්වය විසින් හඳුනාගෙන ඇති බැවින් ඉහත අරමුණු සහිතව ශ්‍රී ලංකා රජය සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා වූ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45